සිංහල
ඌරා ළි‍ඳේ අංගං කෙටීමකට අංගං ශිල්පීන් යැයි පෙනී සිටින සැමට විවෘත අභියෝගයක්

සිංහළේ අංගං ශාස්ත්‍රය අප දන්නා තරමින් අවුරුදු 33,000කට වඩා එපිට ඉතිහාසයකට උරුමකම් කියයි. අංගම් ශාස්ත්‍රයේ නිර්මාපකයන් ලෙස එවකට මේ ‍රටේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් හැඳින්වීමට පුළුවන. මේ මාතෘභූමිය ආරක්ෂා කිරීම අංගං ශාස්ත්‍රය නිර්මාණය වීමේ මූලිකම හේතුවයි. අපේ මිනිසුන්ගේ ආත්මාරක්ෂාව මෙන්ම ඔවුන්ගේ යහපත් සෙෘඛ්‍යයත් අංගං ශාස්ත්‍රයෙන් බලාපොරොත්තු විය. මේ උතුම් වූ ශාස්ත්‍රය වසර ගණනාවක් මුළුල්ලේ විවිධ පරසතුරු උවදුරු වලින් සිංහළේ ආරක්ෂා කර රට ස්වයංපෝෂිත කිරීමට දායක විය. සිංහලයාට ඍජු කශේරුඛාවක් වී නම් ඒ මේ අංගං ශාස්ත්‍රය නිසා ය. අපේ පෙෘර්ෂය වුණේ මේ ශාස්ත්‍රයයි. අපි අදටත් කිසිවෙකුට යටත් නොවී නොබියව කතා කරන්නේ නම් මේ අංගං ශාස්ත්‍රයේ ආභාෂයෙනි. සීතාවක රාජධානියට සම්බන්ධ කොරතොටආරච්චි පරම්පරාවෙන් පැවතෙන මහන්තාරච්චිගේ අජන්ත පෙරේරා උෘරා ළි‍ඳේ අංගං කෙටීමකට විවෘත අභියෝගයක් කරයි. අපටම ආවේණික අංගං ශාස්ත්‍රයේ සංගායනාවක් ලෙස මෙම අවස්ථාව දකින ඔහු, අංගං ශාස්ත්‍රයේ රොඩු බොරළු ඉවත් කර නිවැරදි ශාස්ත්‍රය අනාගත පරපුරට උරුම කර දීමේ භාරධූර කර්තව්‍යයකට අතගසා සිටී.


"1818 උෘව වෙල්ලස්ස කැරැල්ලෙන් පස්සේ අංගං භාස්ත්‍රය තහනමකට ලක්වෙනවා. මේ තත්ත්වයත් එක්කම අංගං ශිල්පීන් රහසිගතව විසීමට කටයුතු කරනවා. මේ නිසා ශාස්ත්‍රයම රහසිගත වෙනවා. ඉන් අනතුරුව මේ ශාස්ත්‍රයට මොකද වෙන්නේ කියන එක පිළිබඳ සමාජය දන්නේ නැහැ. පසුකාලීනව 'දඬුබස්නාමානය' වගේ ටෙලි නාට්‍ය හරහා අංගං පිළිබඳ යම් පිබිදීමක් ලැබෙනවා. නමුත් මින් හොඳක් වගේම නරකක්ද සිදුවෙනවා. අංගං නමින් චීන අඩි හා වෙනත් ඉන්දියානු සටන් ක්‍රම ප්‍රචලිත වෙනවා. අංගං වගේ උතුම් ශාස්ත්‍රයක් ටියුෂන් කඩ ගාණට නගරයේ ‍අලෙවි කරනවා. එය අපේ දෙයක් නොවන බව ඇතැමුන් කියනවා. අංගං ශාස්ත්‍රය සමග මිශ්‍රවූ සටන් ශාස්ත්‍ර තියෙන්න පුළුවන්. නමුත් අපටම අනන්‍ය වූ, අමිශ්‍ර අංගං ශාස්ත්‍රයක් තියෙනවා. අප ඉදිරියට අරගෙන යා යුත්තේ එයයි. වර්තමානයේ අපේකමට, අපේ සටන් ශාස්ත්‍රයට ආදරය කරන බොහෝ තරුණ පිරිසක් ඉන්නවා. ඔවුන් ‍විදේශීය සටන් ක්‍රම හදාරන්නේ අපේ සටන් ක්‍රමයක් හොයා ගන්න නැති නිසයි. ඒක ඒ අයගේ දුර්වලකමක් හෝ වරදක් නොවෙයි. ඒ නිසා අපේ නිවැරදි සටන් ශාස්ත්‍රය අපේ දරුවන්ට ලබා දීමේ වගකීම අප තුළ පවතිනවා. නමුත් අංගං යනු ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත කළ හැකි ශාස්ත්‍රයක් නොවෙයි. මේ ශාස්ත්‍රය හැදෑරීමට යමෙකුට අවශ්‍ය නම් ඔහු සිංහල බෙෘද්ධයෙකු විය යුතු යි. ඔහුගේ හෝ ඇයගේ හඳහන ගැලපිය යුතු යි. අංගං ශාස්ත්‍රයේ දිවරුම්වලට යටත් විය යුතු යි. මේ රට විනාශ කළ විදේශිකයන් ගිනි තැබූ අංගං මඩුව යලි ස්ථාපිත කරන්නේ මම. මේ හරහා නිවැරදි සම්ප්‍රදාය ආරක්ෂා කරන්න මට අවශ්‍ය වුණා. බොහෝ අය මේ වන විට අංගං මඩු හදාගන්න උත්සාහ කරනවා. නිවැරදි ශාස්ත්‍රයේ පිහිටා එය කළ යුතුයි. මොකද අංගං මඩු සම්ප්‍රදාය නැවතත් මේ රටේ ඇතිවිය යුතුයි. මා මේ ශාස්ත්‍රය හදාරන්නේ වයස අවුරුදු හයේ ඉඳලයි. යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ කිව්වා වගේ මොන අභියෝග මගේ ජීවිතයට ආවත් මං මේ ශාස්ත්‍රය ආරක්ෂා කරනවා. මගේ පරම්පරාව හෝ මා පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්න ඕනෑ තරම් සාක්ෂි සාධක මා සතුව තියෙනවා. මුල්ලේරියා සටනට භාවිත කළ රාජසිංහ රජතුමාගේ කඩුව පවා මා සතුයි. අංගං හිල්පයේ සංගායනාවක් වැපැත්වීම මගේ අරමුණයි. එනම් උෘරා ළි‍ඳේ අංගං කෙටීමකට මා අංගං ශිල්පීන් යැයි පෙනී සිටින සැමට විවෘත අභියෝගයක් කරනවා. මෙය අමානුසික ක්‍රියාවක් නොවෙයි. මෙය ම්ලේච්ඡ දෙයක් ලෙස යමෙකු අර්ථ දක්වන්න හැදුවත්, අංගං ශිල්පයේ දක්ෂයා තෝරන්නේ මේ විදියටයි. සාම්ප්‍රදායික අංගම් ශාස්ත්‍රයේ ක්‍රීඩා වළල්ල උෘරා ළිඳයි.


අගෝස්තු 25 වැනිදා රාත්‍රී 9.00 කණිසමට සටන ආරම්භ වෙනවා. මැටි පහණක් පත්තු කරලා පහණ නිවෙන තුරු මුල් වටයේ සටන පැවැත්වෙනවා. තදංග නිල ශාස්ත්‍ර ක්‍රමය මෙහිදී භාවිත කරන්න පුළුවන්. රීරි තදංග කියන මාරක නිල ශාස්ත්‍රය භාවිත කරන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රතිවාදීන් දෙදෙනාම කැමති නම් මායා අංගං කියන කොටස භාවිත කරන්නත් පුළුවන්. ඒ වගේම ඕනෑම ගුංඩු හරක් හෝ උකුසා ඔ‍ඳේ හත් අඩිය කියන සටන් ක්‍රමය භාවිත කරන්න පුළුවන්. අවි ආයුධ මෙහිදී භාවිත කරන්නේ නැහැ. ඒ කියන්නේ අංගම් පමණයි. ඉලංගම් භාවිත වීමක් නැහැ.

සටනට පෙර මල්ලවයන් දෙදෙනා අතින් ලියවිලි දෙකක් හුවමාරු වෙනවා. සම්ප්‍රදායික රාවන ස්තෝත්‍ර කීමෙන් පසුව ශිල්පීන් දෙදෙනාම උඩු කරණමකින් ළිඳට පැනිය යුතු යි. සටන අතරතුර උෘරා ළි‍ඳේ ලිං ගැට්ටට හිටි කරණමක් ගහලා පැමිණෙන් යමෙකුට පුළුවන් නම් ඔහු ජය ගන්නවා. ඒ පැරණි සම්ප්‍රදාය අප ඒ ආකාරයෙන්ම මෙහිදීද යොදා ගැනෙනවා.


Angampora Korathota Traditionසටන පවත්වන්නේ රාත්‍රී කාලයේදී යි. අංගං ශාස්ත්‍රයේ විශ්වාස කරන ගුප්ත ශක්තීන් පවතින්නේ මේ කාලයේදීයි. මෙහිදී උෘරා ළිඳට බහින මල්ලවයන් දෙදෙනා මේ විශ්ව ශක්තීන් ආරෝපණය කර ගන්නවා. ඒ ශක්තීන් සමග තමයි සටන් කරන්නේ. උෘරන් වතුර බීමට බහින ළිඳට තමයි උෘරා ලිඳ කියන්නේ. මෙය අතීතයේ ස්වාභාවික හැදුණු තැනක්. ඒ ආකාරයෙන් මඩ වුණු ලිඳක් අපි යොදා ගන්නවා. ඒක ස්වාභාවික ගල් වලින් තමයි හැදෙන්නේ. එහි මතුපිට ලිස්සනවා. ඊට යන උෘරාට නැවත ගොඩට එන්න බැහැ. මෙහිදී සටන් කර ත්‍රතිවාදියා අඩපණ කිරීමෙන් හෝ සටන අතරතුර කරණමකින් හෝ පිටතට පැමිණිය හැකියි. ඒ වගේම සටනට දිනකට පෙර ළිං බිත්ති වලට මැටි ගහනවා. ළිං වල යම් ප්‍රමණයක්ට මඩ කරනවා. මේ සියල්ලෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මල්ලවයාගේ ශක්තිය උරගා බැලීමයි. ඔහුගේ සටන් තාක්ෂණය වගේම දරා ගැනීම මෙහිදී වැදගත් වෙනවා. මල්ලවයන් දෙදෙනා විසින් කළින් කතිකාකර ගන්නා නීතිමය තත්ත්වයක් මත සටන පැවැත්වෙනවා. කවුරුහරි කියනවා නම් මම ජනප්‍රිය වෙන්න, නමක් හදා ගන්න මේ දේ කරනවා කියා එය මා තරයේ ප්‍රතික්ෂප කරනවා. මොකද ඒවා මට අවශ්‍ය නම් ලබා ගන්න වෙන ක්‍රම තියෙනවා. මම එදත්, අදත් හෙටත් කතා කරන්නේ අපේ අංගං ශාස්ත්‍රය වෙනුවෙනුයි. මෙහෙම කතා කරද්දී මට මඩ ගහන්නේ නැතිව, ඇවිත් සටන් කරන්න කියා ඒ සැමට මා අභියෝග කරනවා.


සටනට අභියෝග කරන්නේ මම, සටන වත්වන්නේ මම, එවිට සටනට අදාළ විනිසුරුවන් මගේ අය වෙන්න පුළුවන්. අවශ්‍ය නම් විනිසුරුවන් නැතිව සටන් කරන්නත් පුළුවන්. නමුත් සාසම්ප්‍රදායිකව විනිසුරවන් තිදෙනෙකු ලෙස පණික්කියන් උෘරා ළිඳ වටේ යොදා ගන්නවා. මෙතන පක්ෂපාතී විනිශ්යක් සිදු වන්නේ නැහැ. ගහන එකා ගහනවා. ගුටි කන එකා ගුටිකනවා. එච්චරයි. සටන සිදුවන ආකාරය සියලු නීතිමය තත්තවයන් සමග පැවැත්වය යුතුයි. අංගං ශාස්ත්‍රයේ ලකුණුවලට ගහ ගත්තේ නැහැ. ඊට අමතරව කිසිවෙකුට සටන නරඹන්න පුළුවන් කමක් නැහැ. සටන වීඩියෝ කර පසුව මාධ්‍යයට ලබා දෙනවා. පිරිස වැඩි නම් තවත් දිනයක් සටනට යොදා ගන්නවා.


මේ රටේ අංගං ශාස්ත්‍රය පිළිබඳ දැනුම ඇති පැරණි ගුරුවරු මා ආශ්‍රය කර තිබෙනවා. මා ඔවුන්ට ගරු කරනවා. මගේ පරම්පරාවේ හැරුණු කොට මේ ශාස්ත්‍රය වෙනුවෙන් ජීවිතය කැප කරපු අය ඉන්නවා. නමුත් ඒ උදවිය මේ පියවර ගත්තේ නැති නිසා අද අංගං ශාස්ත්‍රය බොරුකාරයන් අතින් විනාශ වන අකාරය බලා සිටිය නොහැකි බැවින් මේ පියවර අද මා ගන්නවා. අදටත් මම අංගං සම්ප්‍රදාය නියෝජනය කරනවා. මේ ශාස්ත්‍රය ලෝකයට ගෙනියන්න මට අවශ්‍ය නැහැ. එය විජාතිකයෙකුට දෙන්න මා කැමති නැහැ. මා කාගෙන්වත් උදව් ඉල්ලන්නේ නැත්තෙත් මට කිසිවෙකු යටතේ නැටවෙන්න බැරි නිසයි. මම මගේ ගමට වෙලා, එහි පෙෘරාණික තැන් සහ සටන් ශාස්ත්‍රය ආරක්ෂාකරගෙන ජීවත් වන්නේ ඒ නිසයි. එක එක අය මේ ශාස්ත්‍රය විකුණනවා. ලොකු කඩ දාගෙන අංගං උගන්වන්න බැහැ. මෙය බොහෝම පූජනීය ශාස්ත්‍රයක්. අපේ ජීවිතමය අපි අංගං ශාස්ත්‍රය ඉගෙන ගත්තා. අපිට ඉගැන්නුවාට වඩා සිදුවන්නේ ඉගෙන ගැනීමයි. ගුරුන්නාන්සේලා දිහා බලා ඉඳිමින් ඔවුන්ගේ සෑබ ඉරියව්වක්ම අපි අධධයනය කළා. ඔවුන් සමග ගැටී, ඔවුන්ගේ සෙවණේ අපි කැපවීමෙන් මේ හාස්ත්‍රය ඉගෙන ගත්තා. ඒක අපේ ළමයින්ට අද ලැබෙන්නේ නැහැ. මේ සමාජය අද අපේ චින්තනය මොට්ට කරලා. උගත්ති හිටියට බුද්ධිමත්න් නැහැ. අංගං ශිල්පියෙකු ලෙස මේ ශාස්ත්‍රය වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙන පොරොන්දුව මා දුන්නා. මම විශ්වාස කරන්නේ අපි ජීවත්වන කාලයේදී රටට යමක් කළ යුතුයි යන්නයි. අපේ නර්තනය 'මොඩ්' කරන්න ගියොත් ඒකට ලෝකය ගරු කරන්නේ නැහැ. සටන් ශාස්ත්‍රයත් ඒ වගෙයි. අපි තුළ අභිමානයක් පවතින්නේ එය ආරක්ෂා වුණොත් විරයි. මෙතනදී නිවැරදි ශාස්ත්‍රය ඉගෙන ගත් අඩුම දැනුම තියෙන පුද්ගලයා මා වෙන්න පුළුවන්. නමුත් මේ සමාජයේ ව්‍යාප්ත වන බොරුවට එරෙහිව මා අද හාස්ත්‍රය ආරක්ෂා කරන්න දිවි හිමියෙන් ඇපකැප වෙනවා. මම නිවැරදි ශාස්ත්‍රය වෙනුවෙන් මැරෙන්න වුණත් සූදානම්. ඕනෑම දුරවල මනුෂ්‍යයෙක් ශක්තිවන්තයෙකු කිරීමත්, මරණයට ඇති භය නැති පුද්ගලයෙකු කිරීමත් අංගං ශිල්පයේ මූලිකාංගයි. ඒ කියන්නේ යමෙක් මැරෙන්න භය නම් එවැනි ද්‍පුද්ගලයෙකු අංගං මඩුවක් පැත්තකටවත් වද්දා ගන්න හොඳ නැහැ..." අජන්ත ගුරුතුමන් අභියෝගයක් ඉතිරි කරයි.

 

 

 

 

 

කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසලේ සටන් උපදේශකයෙකු ලෙස කලක් කටයුතු කළ අජන්ත, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ශාස්ත්‍රය සම්බන්ධ සටන් උපදේශකයෙකු ලෙස ද කටයුතු කර ඇත. අගෝස්තු 25 වැනිදා පැවැත්වීමට නියමිත සටනට පෙර 23 වැනිදා සවස 6.00ට මෙම සටන වෙනුවෙන් රන්කඩු පත්තිනි දේවාලයේ දී එකල මුල්ලේරියා සටන වෙනුවෙන් සිදුකළ ආකාරයේම දැවැන්ත පූජාකර්මයක් ද සිදු කෙරෙන බව අජන්ත සිහිපත් කළේ ය. අජන්ත අවසන් වශයෙන් පැවසූවේ ඔහුගේ අභියෝගය භාර ගැනීමට කැමති නම් නොපමාව දුරකථන අංක 0776736501 ට ඔහු තමතන ලෙස ය.

--------------------------------

Published on: 2011-08-20