අංගම්පොර සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් ක්රමයකි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණ අතර සියුම් බව, ප්‍රවේගවත් පා හරඹ හා පිනුම් ක්‍රම යනාදිය මුලිකත්වය ගනී. පුරුෂ මෙන්ම ස්ත්‍රී පාර්ෂවයන්ටද පොදු වූ මෙම පාරම්පරික සටන් කලාව අයුධ සහිත හා රහිත ලෙස අංශ දෙකකින් යුක්ත වෙයි. මෙම සටන් කලාවෙහි යෙදෙන රණ ශූරයන්, උඩුකය නිරුවත්වද (කාන්තාවන් පමණක් සාම්ප්‍රදායික හැට්ටය), යටකය සඳහා පාරම්පරික "දියකච්චීය" හෝ කොට සුදු සරමක් හඳියි. අංගම්පොර යනු ඇගෙන් කරනු ලබන කෙලිය, ක්‍රියාව යන්න වේ. අංගම් යනු ශාරීරික අංගයි. අංකම් ශාස්ත්‍රය යනු "ශරීරය පිළිබඳ විද්‍යාවයි". අංගම් තුළට නිල ක්‍රමවේදය, ගැට ශාස්ත්‍රය, පැනුම් පිණුම්, ගුටි හරඹ ආදී ශරීරයෙන් කරන සටන් අංගම් තුළට අයත් වේ. මෙයට අමතරව ඉලංගම්, මායා අංගම්, හේවා අංගම් ආදී උප කොටස් ගණනාවකින් සමන්විත වේ.මහාසම්මත මනු යුගයෙන් එපිටදී සිට මෙම අංගම්පොර සටන් ශාස්ත්‍රය පැවතුන බවට සාක්ෂි ඇත. එනම් අවුරැදු 30,000 කට එපිට යුගයයි. මෙම අංගම්පොර ශාස්ත්‍රය නිර්මාණය කරන ලද්දේ යක්ක (යක්ෂ) ගෝත්‍රික සෘජිවරැන් යයි පාරම්පරික සටන් ශිල්පීන්ගේ විශ්වාසයයි. ලංකාවේ රදල පෙළපතට ආවේණික වූ ශාස්ත්රයකි. රාවණා යුගය යනු සටන් ශාස්ත්රයේ ස්වර්ණමය යුගයකි. අංගම්පොර රාම රාවනා යුද්ධයේදී භාවිතා විය. මෙයට අමතරව පණ්ඩුකාභය, එලාර දුටුගැමුණු යුද්ධය, විජයබාහු රජු, ගජබා රජු, නීලමහා යෝධයා, ටිකිරි කුමාරයා (සීතාවක රාජසිහ රජු), වීදිය බණ්ඩාර, කොනප්පු බණ්ඩාර, දෙවන රාජසිංහ, ලෙව්කේ දිසාව, රත්වත්තේ දිසාව, ගලබඩ දිසාව, බූටෑවේ රටේ රාළ, කොහුකුඹුරේ රටේ රාළ, කැප්පෙටිපොල දිසාව, කිවුලේගෙදර මොහොට්ටාල, ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන්අප්පු වැනි යුගයන් හා සටන් ශිල්පීන් මෙම පූජනීය අංගම්පොර ශාස්ත්‍රය භාවිතා කළ ප්රස්තූතයන් ලෙස ඉතිහාසය සාක්ෂි දරයි. මෙම සටන් ශිල්පය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය තුළ දී තහනමට ලක් වෙයි.