සිංහල
අංගම්පොර - ඉපැරණි සිංහලයින්ගේ සටන් කලාව

හැඳින්වීම

 

Angampora Sri Lankaඅංග‍ම්පොර යනු ඇගෙන් කරනු ලබන කෙලිය, ක්‍රියාව යන්න වේ. අංගම් යනු ශාරීරික අංගයි. අංකම් ශාස්ත්‍රය යනු "ශරීරය පිළිබඳ විද්‍යාවයි". අංගම් තුළට නිල ක්‍රමවේදය, ගැට ශාස්ත්‍රය, පැනුම් පිණුම්, ගුටි හරඹ ආදී ශරීරයෙන් කරන සටන් අංගම් තුළට අයත් වේ. මෙයට අමතරව ඉලංගම්, මායා අංගම්, හේවා අංගම් ආදී උප කොටස් ගණනාවකින් සමන්විත වේ.

 

 

 

ඉතිහාසය

 

මහාසම්මත මනු යුගයෙන් එපිටදී සට මෙම සටන් ශාස්ත්‍රය පැවතුන බවට සාක්ෂි ඇත. එනම් අවුරැදු 30,000 කට එපිට යුගයයි. මෙම ශාස්ත්‍රය නිර්මාණය කරන ලද්දේ යක්ක (යක්ෂ) ගෝත්‍රික සෘජිවරැන් යයි පාරම්පරික සටන් ශිල්පීන්ගේ විශ්වාසයයි. ලංකාවේ රදල පෙළපතට ආවේණික වූ ශාස්ත්‍රයකි. රාවණා යුගය යනු සටන් ශාස්ත්‍රයේ ස්වර්ණමය යුගයකි. මෙය රාම රාවනා යුද්ධයේදී භාවිතා විය. මෙයට අමතරව පණ්ඩුකාභය, එලාර දුටුගැමුණු යුද්ධය, විජයබාහු රජු, ගජබා රජු, නීලමහා යෝධයා, ටිකිරි කුමාරයා (සීතාවක රාජසිහ රජු), වීදිය බණ්ඩාර, කොනප්පු බණ්ඩාර, දෙවන රාජසිංහ, ලෙව්කේ දිසාව, රත්වත්තේ දිසාව, ගලබඩ දිසාව, බූටෑවේ රටේ රාළ, කොහුකුඹුරේ රටේ රාළ, කැප්පෙටිපොල දිසාව, කිවුලේගෙදර මොහොට්ටාල, ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන්අප්පු වැනි යුගයන් හා සටන් ශිල්පීන් මෙම පූජනීය ශාස්ත්‍රය භාවිතා කළ ප්‍රස්තූතයන් ලෙස ඉතිහාසය සාක්ෂි දරයි. මෙම සටන් ශිල්පය ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය තුළ දී තහනමට ලක් වෙයි.

 

 

විදේශීය බලපෑම්

 

 

 

සොලී ආක්‍රමණ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආගමනය වැනි අවස්ථාවලදී දස දහස් ගණනින් සටන් ශිල්පීන් මරා දමා ඇත. එපමණක් නොව මෙම පරදේශක්කාර ආක්‍රමණිකයින් අංගම්මඩු, වෙහෙර විහාර, පොත්පත් ආදිය විනාශ කළ බවට ද සාක්ෂි ඇත. ඉංග්‍රීසීන් අංගම්මඩු ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන ලදී.

 

අප්‍රකටව පවත්වාගෙන පැමිණිම

 

 

ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික ශිල්පයක් ලෙස ඉතාමත් රහසිගතව පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ක්‍රමවේදයන් බද්ධ කොට නර්තනාංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයක් දක්නට ඇත.

 

 

වර්තමාන තත්තවය

 

දඩුමස්නාමානය වැනි ටෙලි නිර්මාණ හරහා වර්තමාන සමාජය මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව පිබිදීමකට පත්වෙයි. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියන් මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැකවීමට පටන් ගනී. මෙහි ඇති වාණිජමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය (කලරි, චීන ඩි, කරාතේ වැනි) අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැත අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැමුන් ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදියේ තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පියෙක් ලෙස ලියාපදිංචි වීමද සිදු කළේ ය.

 

මෙවැනි බො‍හෝ ව්‍යාජ අංගම්පොර ශිල්පීන් චීන වෙලෙන්දො හරහා ලැබුණ චීන ඩි සටන් කරුවන් වෙයි. බැලූ බැල්මට යම් යම් සමානකම් අංගම්පොර සටන් ශිල්පය හා පැවතුනද කඩුවක් හෙල්ලයක් භාවිතා කළ පමණින් අංගම්පොර යයි හදුන්වාදීම අතිශයින්ම ම්ලේච්ච හා නින්දිත කාර්යයකි. මේ නිසාම අද වන විට නිවැරදි අංගම් ශාස්ත්‍රය කුමක්දැයි හදුනාගැනීම ඉතාමත් අපහසු වී තිබේ. නිවැරදි සටන් ශිල්පීන්හට තම පරම්පරාවට ලැබුණ ගම්වර, ගරැ නම්බුනාම, පාරම්පරික ඉතිහාසය, රාජාවලිය වැනි ඉතිහාස පො‍ත්‍පත්වල සාක්ෂි ආදිය තුළින් තම සටන් පෙළපතේ සත්‍යතාව පෙන්වීමට අද සිදු වී තිබේ.

 

නියමයන්

--------------------------------

Published on: 2011-05-21