අප දේශීය සටන් කලාවේ ඉතිහාසය ලොව අන් කවර රටක සටන් ක්‍රමයකටත් වඩා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන බව අප පවසන්නේ ආඩම්බරයෙනි. අප සටන් සම්ප්‍රදායේ ඉතිහාසය මින් වසර 30000 කට එපිටට දිවයන බව අපට සාක්ෂි සහිතව සනාථ කළ හැකිව තිබේ.
මින් වසර 30000කට එපිට මේ ලක් දෙරණේ ඉපිද තමන් උගත් සිංහල හටන් ශිල්‍පයේ ප්‍රභලත්වය විදහා පෑ කතරගම මහසෙන් නම් රණ ශූරයාගේ යක්ෂ පෙළපතින් ඇරඹෙන අප සටන් පුරාවත පසුකාලීන මහා රාවන නම් රණ ශූරයා දියුණුවෙන් දියුණුවට පත්කර සිංහල බෞද්ධ සමාජයට හිමිකර දීමේ මහා කර්තව්‍ය අරඹයි. පසුකාලීනව අංගං නමින් හඳුන්වා ගන්නා මේ විශිෂ්ට සටන් සම්ප්‍රදාය සිංහල රාජාවලියේ රාජරාජ මහාමාත්‍යාදීන් අපූරුවට උගෙන ප්‍රගුන කරමින් රට ජාතිය ආගම රැකගනු වස් එය පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙයි.
මෙලෙස ලක් දෙරණේ දීප්තිමත්ව බැබළුණු සිංහල දූ පුතුන් පෙළ ගැසී පුහුණු වූ මහා සටන් සම්පුදාය රහසිගත වෙයි෴
Passing out - the First Batch of Angampora Trained SLAF Personnel The first batch of Angampora trained SLAF personnel passed out last Friday after a practical session at Ratmalana. Angampora is a Martial Art that is indigeneous to Sri Lanka and it was introduced to the SLAF months ago. The first ... Read more » |
|